93 මිනී මැරුමකට අද මරණ දඬුවම්

93 මිනී මැරුමකට අද මරණ දඬුවම්

September 1, 2016   02:55 pm


මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ අඹු සැමි යුවළකට හා තවත් පුද්ගලයෙකුට හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

1993 වසරේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ අඹු සැමි යුවළකට හා තවත් පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඒ අනුව 1993 වසරේ ජනවාරි මාසයේදී දිනයක අම්බලන්තොට රුහුණු රිදියගම මොදරපිලිවල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ මී ගහදුරගේ ජයසේන නමැති පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා  ඝාතනය කර තිබිණි.

 මේ සම්බන්දයෙන් හම්බන්තොට පළාත්බද මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව අද(01) විනිසුරු අජිත් එම්.මාසිංහ මහතා විසින්  මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

 අම්බලන්තොට,රුහුණු රිදියගම ප්‍රදේශයේම පදිංචි 66 හා 61 වයස්වල පසුවන අඹු සැමි යුවළකට හා 51 හැවරිදි පුද්ගලයෙකුට මෙලෙස මරණ දඩුවම නියමවී තිබේ.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.