මහින්ද සියලු ආරක්ෂාව සමග මැතිවරණ සටනේ - අකිල මැ.කොට ලියයි

මහින්ද සියලු ආරක්ෂාව සමග මැතිවරණ සටනේ - අකිල මැ.කොට ලියයි

July 16, 2015   08:08 pm


මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද සමග අපේක්ෂකයෙකු ලෙස මහමැතිවරණ‍යට තරඟ කිරීමෙන් අනෙක් අපේක්ෂකයින්ට අවාසියක් වන බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවා තිබේ.

එම ලිපිය මගින් ඔහු අවධාරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා එකී වරප්‍රසාද සමග මැතිවරණ ව්‍යාපාරයේ නිරත වීමෙන් තමා ඇතුළු පාර්ල‍ිමේන්තුවේ අපේක්ෂකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි.

මේ නිසා මේ ගැන අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.

අධ්‍යාපන ඇමතිවරයා විසින් යවන ලද එම ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.