බොදු බලේ නයාගෙන් එයි
June 29, 2015 05:44 pm
බොදු බල සේනා සංවිධානය මේ වන විට ලියාපදිංචි වී ඇති බොදු ජන පෙරමුණ නම් වු පක්ෂයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසයි.
බොදු ජන පෙරමුණ නම් වු පක්ෂයේ මේ වන විට පවතින ලාංජනය වනුයේ පෑන බවත්, එම ලාංජනය නයා ලෙස වෙනස් කර ගැනීමට මේ වන විට ලිඛිතව මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බවත් විතානගේ මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ එම ලිපිය තමන් වෙත ලැබුණු බවයි.