යහපාලනයත් පවුල් පාලනයට යයිද?

යහපාලනයත් පවුල් පාලනයට යයිද?

February 15, 2015   08:15 pm


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන චතුරිකා සමග විවාහවී ඇති සුරංජිත් මහතා  ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකවී සිටියේය.

එසේම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කර ඇතැයි සඳහන්ය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ බලතල ජනාධිපතිවරයා විසින් කප්පාදු කර ඇති අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට අයත් විෂයන් හා ආයතන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය,රණවිරු සේවා අධිකාරිය,ආරක්ෂක සේවා පාසල් හා ජාතික ශිෂ්‍ය භට බලකාය පමණක් රුවන් විජේවර්ධන මහතාට අයත් ආයතන ලෙස නම් කර තිබේ.

පවුල් පාලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව ජනමතය ගොඩනැඟූ වත්මන් පාලනය මූලාරම්භයේදීම  ටෙලිකොම් සභාපති ධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන කුමාරසිංහ සිරිසේන මහතාද පත්කරන ලදී.