මිණිපේ අමුණ ළඟ තිබී පෞරාණික භාණ්ඩ කිහිපයක් හමුවෙයි

මිණිපේ අමුණ ළඟ තිබී පෞරාණික භාණ්ඩ කිහිපයක් හමුවෙයි

June 29, 2014   10:50 am

මහවැලි ගඟේ මිණිපේ අමුණ ආසන්නයේ තිබී පෞරාණික භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.

ඊයේ(28)  රාත්‍රී 7.15ට පමණ ප්‍ර දේශවාසීන් පිරිසක් අමුණ ආසන්නයට ගිය අවස්ථාවේ දී එහි තිබී ගලින් නෙළන ලද දේව රූප පහක්, ගුරුළු රූපයක් සහ චෛත්‍යයක කොටසක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ප්‍රදේශවාසීන් අමුණ ආසන්නයට යන අවස්ථාවේ දී අසළ සිටි පිරිසක් පළාගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ පෞරාණික භාණ්ඩ සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.