මහවිරු සැමරුම එංගලන්තයේ සමරයි

මහවිරු සැමරුම එංගලන්තයේ සමරයි

November 28, 2013   08:12 am

එල්.ටී.ටි.ඊ සංවිධානයේ මහවිරු සැමරුම් උත්සවයක් එංගලන්තයේ පවත්වා තිබේ.

බි.බි.සි ලෝක සේවය වාර්තා කළේ ලන්ඩන් හී සම්මන්ත්‍රණ ශාලාවක මෙම මහවිරු සැමරුම් උත්සවය පවත්වා ඇති බවයි.

මෙයට ශ්‍රී ලාංකික දෙමළ ජනතාව දහසක් පමණ සහභාගී වී සිටි බව වාර්තා වනවා.

මේ අතර ආණ්ඩුව විසින් පනවා ඇති නියෝග නොතකා උතුර පළාතේ ද ස්ථාන කිහිපයක මහවිරු සැමරුම් උත්සව පවත්වා ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ මෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ ද මහවිරු සැමරුම් උත්සව පවත්වා ඇති අතර උතුරේ තවත් ප්‍රදේශ කිහිපයක මහවිරු සමරුව පවත්වා ඇති බව වාර්තා වෙයි.

ජාතිවාදය අවුස්සා මහ ජන සාමය කඩ කිරීමට උත්සාහ දරමින් මහවිරු සමරුව පැවැත්වීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම මුරුංගන් ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රටේ කොතනක හෝ නීතිය නොතකා මහවිරුවන් සැමරීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇත්නම් අදාළ පුදුගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.