කලාකරුවන්ගේ සැඳෑ සමය රකින්න

කලාකරුවන්ගේ සැඳෑ සමය රකින්න "සුරැකුම" එයි

February 28, 2013   01:35 pm

කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

“සුරැකුම" නම් මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නර්ථන, කැටයම්, චිත්‍ර මුර්ති, රූකඩ, ගම්මඩු, බලි තොවිල්, හේවිසි, පෙරහැර නර්තන ශිල්පීන්, ගැමි නාට්‍යකරුවන්, ගායන, වාදන, සංගීත, ශිල්පීන් , වේදිකා , රූපවාහිනී, වීදි නාට්‍ය ශිල්පීන්, කවීන්, සාහිත්‍යවේදීන්, ඇතුළු සියලූම කලාකරුවන්ට මේ සඳහා දායක විය හැකිය.

වයස අවුරුදු 59 ට අඩු කලාකරුවන්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අයදුම් කළ හැකි අතර ඔවුන්ට වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප හිමිවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන කලාකරුවන්ට ප්‍රාදේශිය ලේකම් කාර්යාල මාර්ගයෙන් අයදුම්පත් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.