22 ගැන කියන්න ෆ්‍රී ලෝයර්ස් නියෝජිත පිරිසක් ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි බැහැදකී
August 16, 2026 05:27 pm
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කරන බව කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.
එමෙන්ම, තමන් වහන්සේ පෞද්ගලිකවම ජනාධිපතිවරයාට මේ පිළිබඳව දන්වන බවත් උන්වහන්සේ පැවසුවහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ, අද (16) පස්වරුවේ නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ දිනන දකුණ සාමූහිකය සහ ෆ්‍රී ලෝයර්ස් නියෝජිත පිරිසක් විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහාවිහාරයේදී උන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
