යතුරුපැදි ධාවන තරගයක සිදුවූ බිහිසුණු අනතුර
August 16, 2026 04:23 pm
නුවරඑළිය බ්ලැක්පූල් සහ මාගස්තොට අතර පැවති යතුරුපැදි තරගාවලියකදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අනතුරට පත් ව බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්රික් මහා රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මෙම තරගාවලිය නුවරඑළිය මහානගර සභාව සහ කොළඹ පෞද්ගලික සංගමයක් සමඟ එක්ව අද සහ හෙට දෙදින තුළ පැවැත්වේ.
නානුඔය බ්ලැක්ෆූල් පාලම අසළින් ආරම්භ කර කදු බෑවුම් සහ වංගු සහිත තේ වතු හරහා මාගස්තොට හරහා කාලය මනින තරගයක් (TIMING RACE) ලෙස මෙය පැවැත්වේ.
අද (16) පැවති තරගයට තරගකරුවන් ගණනාවක් සහභාගි වී ඇති අතර, නුවරඑළිය ප්රදේශයට පැවති අයහපත් කාලගුණයත් සමඟ යතුරුපැදි දෙකක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරළී මෙම අනතුර සිදු වි ඇති බව සඳහන් වෙයි.
