පශු වෛද්‍ය ක්ෂේත්රය ඇතුළු වනජීවි ක්ෂේත්රයේ ගැටලු රැසක් පාර්ලිමේන්තු සංසදයට - සජිත්
August 16, 2026 03:38 pm
පශු වෛද්‍ය ක්ෂේත්රය ඇතුළු වනජීවි ක්ෂේත්රයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයට ඉදිරිපත් කර තිබේ.
අලි මිනිස් ගැටුමේදී විශිෂ්ඨ සේවාවක් පශු වෛද්‍යවරුන් ඉටු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.
එලෙසම වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු 33ක් සිටිය යුතු වුවත් මේවන විට 17දෙනකු පමණක් සිටින බවත් මෙය දශක ගණනාවක තිබු අඩුපාඩුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වනජීවී ක්ෂේත්රයේ අලියා කොටියා ඇතුළු සෙසු සතුන් ආරක්ෂා කිරීමට මෙම පශු වෛද්‍යවරුන් සේවය කරන නමුත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මේ පශු වෛද්‍යවරන්ට කිසිදු නෛතික බලයක් නොමැති බවත් මොවුන්ව වන ජීවි දෙපාර්තමෙන්තුවට ඇතුළත් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම පශු වෛද්‍යවරුන් වෙනුවෙන් නිසි තැනක් ලබා දී නව උත්තේජකයක් ලබා දී වනජීවී ක්ෂේත්රයට අන්තර්ගහණය කර උසස්වීම් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම පශු වෛද්‍ය ක්ෂේත්රය රැකගන්නවා සේම වන ජීවී දෙපාර්තමේන්තුවට බහුකාර්ය නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් බඳවා ගත්තත් මෙම තනතුරුවල හිටපු අයට අගතියක් නොවිය යුතු බවත් ඔහු පැවසීය.
මේ අතර, කලක් පුරා මේ ක්ෂේත්රයේ සිටි අයට අගතියක් නොවන ලෙස කටයුතු කළ යුතු බවත් වැටුප් තල පහළ නොදැමීම සිදුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වදුරා, ඉත්තෑවා, මොණරා ආදි සතුන් සම්බන්ධයෙන් වනජීවි කලාපයෙන් බැහැරව පවා ගැටුම් ඇති වන නිසා මේ නිලධාරීන්ගේ සේවය අවශ්‍ය බවත් මොවුන්ගේ සේවාව 8.30-4.30ට අවසන් නොවන බවත් පැය 24ම මොවුන් සේවය කරන නිසා මොවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම රජයේ වගකීම බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම තවත් සංචාරක ප්‍රදේශ ප්‍රවර්ධනය කිරීමට මිල අඩු ටිකට් ක්‍රමයක් අනුගමනය කරන ලෙසත් ඊට අමතරව මේ නිසා වනෝද්‍යාන ගේට්ටු අසලවන තදබදය අවම කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
