පොල්ලකින් පහරදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කෙරේ
August 14, 2026 06:05 pm
පොල්ලකින් සිදු වූ පහරදීමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පසුගිය 25වනදා මෙම පහරදීම සිදුව තිබුණි.
සිද්ධියෙන් අනතුරුව බරපතළ තුවාල ලැබූ අදාළ නිලධාරියා දැඩි සත්කාර ඒකකයේ රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (13) මෙලෙස මියගොස් ඇත.
පොලීසිය පැවසුවේ ඔහු වැල්ලව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 54 හැවිරිදි නිලධාරියකු බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්රියාත්මකය.
