වියළි කාලගුණයෙන් පුද්ගලයින් 68,041 දෙනෙකුට පීඩා

වියළි කාලගුණයෙන් පුද්ගලයින් 68,041 දෙනෙකුට පීඩා

August 14, 2026   04:12 pm

වියළි කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරි වසම් 17ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බවය. 

මඩකලපුව, අම්පාර, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රිකවල ජනතාවට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇත.

ඒ අනුව පවුල් 21,873කට අයත් පුද්ගලයින් 68,041ක් වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බව සඳහන්ය.

තවද පානීය ජල ගැටලුවට මුහුණ දෙන පවුල් 3,495කට අයත් පුද්ගලයින් 12,291 දෙනෙකුට අවශ්‍ය ජලය ලබාදීමට පියවර ගෙන ඇති බව ද ප්‍රගීත් දනන්සූරිය මහතා ප්‍රකාශ කළේය. 

පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහාය ලබාදීම සඳහා පළාත් පාලන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් වැඩසටහන් සංවිධානය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.