මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
August 14, 2026 03:26 pm
වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
18 වැනිදා සිට 23 වැනිදා දක්වා කුඹල් සහ රන්දෝලි පෙරහැර වීථි සංචාරය කෙරේ
එළැඹෙන 18 වැනිදා සිට 22 දින දක්වා කුඹල් පෙරහැර වීඨි සංචාරය කරන අතර 23 වැනිදා සිට 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැරද වීථී සංචාරය කිරීමටද නියමිතව ඇත.
ඒ අනුව පෙරහැර පවත්වන කාලසීමාව ආවරණය වන පරිදි පොලීසිය විසින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර මාර්ග බාධක ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම හා රථවාහන ගාල් කිරීම යන කරුණු කිහිපයකින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවෙන් විශේෂ ආරක්ෂාවක්
පෙරහැරේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 6,200ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564ක්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 29ක් ද යොදා ගැනීමට කටයුතු සංවිධානය කර ඇති අතර මේ සඳහා පොලිස් නිල සුනඛ සහායද ලබා ගැනීමටද නියමිතය.
පොලීසිය පැවසුවේ දළදා පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරයට පිවිසෙන ස්ථාන 14ක් ආවරණය වන පරිදි මාර්ග බාධක රාජකාරී ක්‍රියාත්මක කර ආරක්ෂාව තර කිරීමට ද අපේක්ෂා කරන බවය.
රථවාහන ගාල් 13ක්
පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන පිරිස් වෙත රථවාහන ගාල් කිරීම සඳහා රථ ගාල් 13ක් සකස් කරන බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව සැහැල්ලු වාහන රථ ගාල් 6ක් සහ බරවාහන රථ ගාල් 07ක් ද මහජනතාවගේ පහසුව සඳහා වෙන් කෙරෙන බවද පොලීසිය පැවසීය.
තවද පෙරහැර කාලසීමාව තුළදී මහනුවර නගරය මගහැර රථවාහන ගමන් කිරීම සඳහා රියදුරන් හට විකල්ප මාර්ග හඳුන්වා දී ඇතැයිද ඒ අනුව අදාළ කාලසීමාව තුළදී එම විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙසද පොලීසිය රථවාහන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
එම රථවාහන සහ ආරක්ෂක සැලැස්ම පහතින්,
