නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නොරොච්චෝලේදී අල්ලයි

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නොරොච්චෝලේදී අල්ලයි

August 14, 2026   12:46 pm

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ මෙහෙයුමකදි සිය භාරයට ගෙන තිබේ.

ඒ නොරාච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේදී ඊයේ (13) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.

එහිදී එම බීඩිකොළ තොගය මෙරටට රැගෙන ආ ලොරි රථයද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත ලද තොරතුරකට අනුව නොරොච්චෝල පොලීසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී පුද්ගලයෙකු නොමැතිව නවතා තිබූ ලොරි රථයක් නිලදාරීන් විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී අසුරා තිබූ සැකකටයුතු උර 38ක් තුළ මෙම බීඩිකොළ තොගය අසුරා තිබියදී සොයා ගෙන ඇත.

ඒ අනුව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කිලෝ 1,464කට අධික බීඩි කොළ තොගයක් මෙහිදී අදාළ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

අදාළ බීඩිකොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලීසියට භාර දීමටද නාවික හමුදාව පියවර ගෙන ඇති අතර ඉදිරි විමර්ශන නොරොච්චෝල පොලීසිය විසින් සිදුකරති.