වීරකැටියේ වෙඩි තැබීමක් - තරුණයෙකුට තුවාල
August 14, 2026 11:33 am
වීරකැටිය අග්රහැර ප්රදේශයේ අද (14) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
ඉන් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාලකරු වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා තංගල්ල මුලික රෝහලට මාරුකර යවා ඇත.
ඌරෙකුට තබන ලද වෙඩි ප්රහාරයක් මෙම තරුණයාට වැදී ඇති බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වීරකැටිය පොලීසිය විසින් සිදු කරයි.
