උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් 

උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් 

August 13, 2026   04:22 pm

වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ් අනුව,ඉහත දිස්ත්‍රික්කවල ඇතැම්  ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.

අද (13) පස්වරු 4ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (14) දිිනට වලංගු වන බව සඳහන් වෙයි.