මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලැබෙයිද?

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලැබෙයිද?

August 11, 2026   03:46 pm

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්වයන්ට මරණ දඬුවම ලබා දීම සඳහා "රටම එකට ජාතික" මෙහෙයුම් මධ්‍යස්ථානයේ අවධානය යොමු වීම පිළිබඳව අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමුවිය.

එහිදී මේ සම්බන්ධව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මරණ දඬුවම සම්බන්ධව මෙම යෝජනාව සම්බන්ධව තවම අවසන් නිගමනයක් ගෙන නොමැති බවය.

රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී මේ පිළිබඳව ඇතැම් පාර්ශ්වයන්ගෙන් ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට යෝජනා ඉදිරිපත් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධව ඉදිරියේදී තීරණය කරන බවද සඳහන් කළේය.

"මේ ප්‍රශ්නය ගැන බරපතළකම ගැන සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක්, අදහසක්. එක කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක ගැන අවසාන නිගමනයක් හෝ එකඟතාවයක් තවම නෑ. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු මේවාත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කිරීමේදී එක එක පාර්ශ්වයන් පිළිබඳව කරන යෝජනාවක් පමණයි."