පෙට්‍රල්, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් ගැන කැබිනට් තීරණයක්
August 11, 2026 02:14 pm
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දීර්ඝකාලීන කොන්ත්‍රාත්තු යටතේ පෙට්‍රල් 92 Unl, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් (0.05% M.S.) මිලදී ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.
ඉදිරිපත් වූ ලංසු ඇගයීමකින් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකළ නිර්දේශ පදනම්ව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමත කර ඇත.
