අම්මාට සහ පුතාට මරු කැඳවූ මාරක අනතුර

අම්මාට සහ පුතාට මරු කැඳවූ මාරක අනතුර

August 11, 2026   12:13 pm

බකමූණ, දමන ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සදහන් කළේ, බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. 

අනතුරින් යතුරුපැදිකරු සහ පසුපස ගමන්ගත් කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මියගොස් ඇත්තේ 63 හැවිරිදි කාන්තාවක සහ 43 හැවිරිදි ඇගේ පුත්‍රයායි.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 09 හැවිරිදි පිරිමි දරුවෙකු ද තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (11) හිගුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.