මාළිගාවත්තේ CCTV දර්ශන එළියට

මාළිගාවත්තේ CCTV දර්ශන එළියට

August 10, 2026   02:30 pm

මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩිතැබීමේ CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ.

මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ.