කෑගල්ලේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන ගුරු සංගමයෙන් ඉල්ලීමක්
August 10, 2026 11:55 am
කෑගල්ල ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය ප්‍රමාද වී දරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමට බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ අධ්‍යාපන අනාගතයට වැදගත් විභාගයක් බැවින්, මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන්ට සිදුවන අසාධාරණය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.
මේ අතර, මෙවර උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ට ලබාදෙන දීමනා ප්‍රමාණවත් නොවන බවද ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව, උසස් පෙළ විභාග රාජකාරීවල නිරතවන ගුරුවරුන්ට ඔවුන්ගේ වගකීම් හා වත්මන් වියදම් සැලකිල්ලට ගනිමින් ප්‍රමාණවත් දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
