පල්ලන්සේන නොසන්සුන්තාව පාලනයට ආරක්ෂක අංශ සීරුවෙන් 

පල්ලන්සේන නොසන්සුන්තාව පාලනයට ආරක්ෂක අංශ සීරුවෙන් 

August 7, 2026   12:35 pm

රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක නිරතවීමත් සමඟ මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. 

ඒ සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ඇති බව සඳහන්ය. 

රැඳවියන් පිරිසක් අද (07) උදෑසන වහලය මත විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟ එහි නොසන්සුන්තාවක් හට ගත් බවට තොරතුරු වාර්තා විය. 

පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුර වෙත මාරු කිරීමට පියවර ගැණින.

මේ අතර ඊයේ (06) රාත්‍රියේ නවමැගසීන් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

එහිදී තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී එක් රැඳවියෙකු මෙලෙස මිය ගොස්  ඇත.

එමෙන්ම අද (07) උදෑසන කුරුවිට බන්ධනාගාරයේද නොසන්සුතාවක් ඇති විය. 

ඉන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් ඇති තවත් පිරිසක් රෝහල් ගත කර ඇති බව සඳහන්ය. 

රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.