පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු 10 වැනිදා සිට යළි ඇරඹෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු 10 වැනිදා සිට යළි ඇරඹෙයි

August 7, 2026   10:31 am

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතු එළැඹෙන 10 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ ඒ අනුව එළැඹෙන 10 වන දා සිට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

මේ අනුව විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල නේවාසික සිසුන්ට එළැඹෙන 09 වන ඉදිරිදා සිට නැවත නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබා දී ඇති බවද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.