හෝමූස් නාවික ගමනාගමනය ගැන ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
August 5, 2026 10:41 pm
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නාවික මාර්ගයන් (Geographic coordinates) සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර අඑකඟතාවකට පැමිණ ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බඝෙයි ප්‍රකාශ කර ඇත.
යම් තෙවන පාර්ශ්වයන් මැදිහත් නොවන්නේ නම්, ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් අවසන් අදියරේ පවතින බවද ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ඉරානය සහ ඕමානය අතර ඇති කරගන්නා මෙවැනි එකඟතාවක් පමණක් උපායමාර්ගික ජල මාර්ගයේ ආරක්ෂාව සහතික නොකරන බවද බඝෙයි වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ඉරාන ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, මෙම යෝජිත ගිවිසුම හරහා හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ පර්සියානු බොක්කට ඇතුළු වන යාත්‍රා පාලනය කිරීමේ බලය ටෙහෙරාන් ඉරාන හිමිවනු ඇති බවය.
ඉරාන ඉල්ලීම්වලට යම් මට්ටමකින් යටත්වීමක් ලෙස මෙය සැලකිය හැකි වුවද, සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ ගිවිසුමක් ආසන්න බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කර ඇත.
තවමත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණිය යුතුව ඇති බව ද ඔවුන් පෙන්වා දී ඇත.
කෙසේවෙතත් සාකච්ඡාවට භාජනය වන භූගෝලීය පරාමිතීන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය අවබෝධයකට පැමිණ ඇති බව තහවුරු කර ඇත.
