මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
August 5, 2026 05:46 pm
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රටවල් කිහිපයකම කටයුතු කර ඇති ඒ මහතා, මහනුවර දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙසද කටයුතු කළේය.
