17 හැවිරිදි තරුණයාට මරු කැඳවූ අනතුර

17 හැවිරිදි තරුණයාට මරු කැඳවූ අනතුර

August 5, 2026   06:51 am

මාවතගම, අහස්යානාපිටිය මාර්ගයේ ප්‍රජා ශාලාව ඉදිරිපිටදී මාවතගම දෙස සිට අහස්යානාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.

ඊයේ (04) දහවල් සිදුවු මෙම අනතුරින් සීරාදුන්න, මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණි.
 
අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයා සහ පසුපැදිකරු මාවතගම රෝහලට ඇතුළත් කර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මෙලෙස මියගොස් ඇත.

මාවතගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.