ආපදාවෙන් මරණ 8ක්

ආපදාවෙන් මරණ 8ක්

August 4, 2026   06:59 pm

පසුගිය දින කිහිපයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 08ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (04) පස්වරුවේ එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ආපදාවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56ක් බලපෑමට ලක්ව ඇති බවත් එහි සඳහන් වේ.

එමෙන්ම පවුල් 3,014ක පුද්ගලයින් 11,832ක් බලපෑමට ලක්ව ඇති බවත් එහි සඳහන්ව ඇත.

ආපදාවෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් කර ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ණ නිවාස හානි 1ක් සහ අර්ධ නිවාස හානි 290ක් වාර්තා වී ඇති බවත් පෙන්වා දී තිබේ.