සලේගේ පෙත්සමට අදාළව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් සළකා බැලීම ඇරඹේ

සලේගේ පෙත්සමට අදාළව ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් සළකා බැලීම ඇරඹේ

August 4, 2026   02:48 pm

තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් අද (04) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය. 

එහිදී අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කළේය. 

ඉන් අනතුරුව අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 06 වන වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.