මහර බන්ධනාගාර ගැටුමින් මියගිය රැඳවියාගේ දේහය ඥාතීන්ට භාරදෙයි

මහර බන්ධනාගාර ගැටුමින් මියගිය රැඳවියාගේ දේහය ඥාතීන්ට භාරදෙයි

August 3, 2026   05:59 pm

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සවස විශේෂ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් රාගම රෝහල් මෘත ශරීරාගාරයේදී සිදු කර තිබේ.

එහිදී මරණයට හේතුව අධික ලෙස රුධිරය වහනය වීම බවට තීන්දු කර ඇති බව වාර්තා වේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, අදාළ රැඳවියාගේ මෘත ශරීරය අද (03) සවස වත්තල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඥාතීන් වෙත භාර දී ඇත.