ගෝඨාභයගේ පෙත්සමේ නියෝගය සැප්තැම්බර් මස 22 වැනිදා

ගෝඨාභයගේ පෙත්සමේ නියෝගය සැප්තැම්බර් මස 22 වැනිදා

August 3, 2026   04:26 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මේ මස 31 වනදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කර තිබේ.