දික්ඔය පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි

දික්ඔය පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි

August 3, 2026   12:17 pm

කාසල්රී ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය පිටාර ගැලීමෙන් ඇළ දෙපස නිවාස රැසක් අද (03) දින ජලයෙන් යට වී ඇත.

2013 වසරේත් දික්ඔය පිටාර ගැලීමෙන් මෙවැනි විපතක් සිදු වූ බවත්, යළිත් දික්ඔය ඇළ පිටාර ගැලීම නිසා තම නිවාස ජලයෙන් යට වූ බවටත් ප්‍රදේශවාසින් මැසිවිලි නගයි.

මේ අතර මහවැලි ගඟ පිටාර ගැලීම නිසා නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ද ජලයෙන් යට වී ඇත.