වෙරළ තීරයට බහාලුමක් ගොඩගසයි
August 2, 2026 12:11 pm
ඉඳුරුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට සුදු පැහැයට හුරු බහාලුමක් ගොඩගසා තිබේ.
අද (02) පෙරවරුවේ මෙලෙස ගොඩගසා ඇති මෙම බහාලුම ඊයේ දිනයේ කොළඹට ආසන්න මුහුදු තීරයේදී නෞකාවකින් මුහුදට පෙරළීගිය හිස් කන්ටේනරයක් බවට මේ වන විට සැකපළ කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය විසින් සමුද්‍රීය අංශ මේ වන විටත් දැනුවත්කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
