ඉරානයට එරෙහිව නැවතත් ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට එරෙහිව නැවතත් ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ට්‍රම්ප් සැරසෙයි

August 1, 2026   07:03 am

ඉරානයට එරෙහිව නැවතත් ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට තමා බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.

සාකච්ඡා සඳහා ඉරාන රජයට බලපෑම් කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් දියත් කිරීමට සිය හමුදාව වෙත උපදෙස් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

එහිදී ඔහු සඳහන් කර සිටියේ "අපි ඔවුන්ට ඉතා දැඩි ලෙස පහර දෙනවා.. යම් අවස්ථාවකදී ඔවුන් කියාවි අපට මෙය තවදුරටත් දරාගත නොහැකි බව..'' ලෙසය.

මේ අතර අමෙරිකාව විසින් ඉරානයේ විදුලි බලාගාර සහ තෙල් පිරිපහදු වැනි බලශක්ති පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන මෙම ප්‍රහාර යුද අපරාධ ගණයට වැටිය හැකි බව මානව හිමිකම් සහ උපදේශන සංවිධාන පෙන්වා දී ඇත.