අමෙරිකා - ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

අමෙරිකා - ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

July 29, 2026   04:21 pm

ඉරානය විසින් චීනයෙන් shoulder-launched missiles (උරහිස මත තබා ප්‍රහාර එල්ල කළ හැකි) ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති තොගයක් මිලදී ගෙන තිබේ. 

ඉදිරි සති කිහිපය තුළ මෙහි පළමු තොගය ඉරානයට ලැබීමට නියමිත බව සඳහන් වෙයි.

මෙම launchers 300ත් 400ත් අතර ප්‍රමාණයක් මිලදී ගැනීමට ගිවිසුම් තබා ඇති බව සඳහන් වෙයි.

මෙහි සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 60-70ක් පමණ වන බව වාර්තා වෙයි.

මෙයට චීනයේ නිෂ්පාදිත QW-12 සහ FN-16යන මිසයිල වර්ග ද ඇතුළත් බව සඳහන් වෙයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් හමුවේ, තමන්ගේ හමුදා කඳවුරු සහ වැදගත් ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා ඉරානය මෙම පියවර ගෙන තිබේ.

මෙම ගිවිසුම සිදුකර තිබෙන්නේ හොංකොං හි පිහිටි සමාගමක් (Zhongqing Baoshang International Investment) හරහාය.