වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ සම්මානයෙන් පිදුම් ලබයි
July 29, 2026 03:36 pm
NEW GENERATION SRI LANKA YOUTH TOP 40 AWARDS -2026 සම්මාන උලෙළේදී වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ සම්මානයෙන් පිදුම් ලැබීය.
සම්මාන උලෙළ ඊයේ (28) පැවැත්වුණේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදීය.
NEW GENERATION SRI LANKA 7වැනි වරට සංවිධාන කළ NEW GENERATION SRI LANKA YOUTH TOP 40 AWARDS -2026 සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස ඊයේ කොළඹදී පැවැත්වුණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙරට තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් මහතා සහභාගී වූ අතර ගෞරවණීය ආරාධිතයා ලෙස සහභාගි වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න මහතාය.
ශ්‍රී ලංකාවේ තරුණ නායකත්වය, නවෝත්පාදනය, සමාජ බලපෑම සහ වගකීම් සහගත ක්‍රියාකාරීත්වය ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් මෙරට ක්ෂේත්‍ර කිහිපයක් පදනම් කරගිනිමන් මෙහිදී සම්මාන පිරිනැමුණි.
සම්මාන උළෙලේදී මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමුණු Youth TV Channel of the year සම්මානය හිමිවුණේ TV දෙරණටයි.
