ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

July 28, 2026   07:34 am

දින 13ක් පුරා අඛණ්ඩව එල්ල වූ ප්‍රහාරවලින් පසු අමෙරිකානු මෙහෙයුම අවසන් වීම සහ සාකච්ඡා සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශ හේතුවෙන් බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

WTI බොරතෙල් බැරලයක මිල 0.8%කින් පහළ ගොස් ඇති අතර එහි මිල අමෙරිකානු ඩොලර් 81.95ක් ලෙස සටහන් වී තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.6%කින් අඩුවී ඇති අතර එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 87.82කි.