කිරිදි ඔයේ දියනෑමට ගිය හිමිනමට අත් වූ අවාසනාවන්ත ඉරණම
July 26, 2026 03:32 pm
වැල්ලවාය තෙලුල්ල ප්‍රදේශයේ දී කිරිදිඔයේ දියනෑමට ගිය ස්වාමින් වහන්සේ නමක් දියේ ගිලී අපවත් වී තිබේ.
වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයට අයත් වැල්ලවාය තෙලුල්ල ප්‍රදේශයේ නිවසක ධානමය පුණ්‍ය කටයුත්තක් සඳහා පැමිණි ස්වාමින් වහන්සේලා පිරිසක් දියනෑම සඳහා කිරිදිඔයට ගොස් තිබේ.
එලෙස දියනාමින් සිටින අතර මෙම ස්වාමින් වහන්සේ දියේ ගිලී තිබේ.
පසුව උන් වහන්සේ කඩිනමින් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව උන්වහන්සේ අපවත් වී ඇති බවට අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 18ක ස්වාමින් වහන්සේනමක් මෙලෙස අපවත් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
