අසිත නිරෝෂණගේ ප්‍රකාශයට නීතිඥ සංගමයෙන් විරෝධය 

අසිත නිරෝෂණගේ ප්‍රකාශයට නීතිඥ සංගමයෙන් විරෝධය 

July 24, 2026   10:02 pm

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් අද (24) සිදු කළ අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා නිතීඥ සංගමය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කළේ, මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජනතාව නොමග යැවීමට සිදු කරන උත්සහයක් බවය.

මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂ සහගත චේතනාවෙන් කරන ලද ඒවා බව නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

තමන් වෙත එල්ල කරනු ලබන දේශපාලන ප්‍රහාර සාර්ථක නොවනු ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

ලංකාවේ නීති ප්‍රජාව එකමුතුව සිටින අතර එහි ස්වාධීනත්වයට සහ අඛණ්ඩතාවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ද ඔවුහු පෙන්වා දෙති. 

වරප්‍රසාදවලට මුවාවී සිදු කරනු ලබන මෙම අසත්‍ය ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටත නැවත ප්‍රකාශ කරන ලෙසට නීතිඥ සංගමය, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝගයක් ද එල්ල කර තිබේ.