සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ

සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ

July 24, 2026   06:05 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා පත් කර තිබේ. 

එමෙන්ම එහි සෙසු සාමාජිකයන් ලෙස එම්. බී. රෝහණ පුෂ්පකුමාර සහ කේ. තවලිංගම් යන මහත්වරු පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පස්වරුවේ ඔවුන් වෙත භාරදෙන ලදී.

සීමා නිර්ණය කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩු වී පැවති ධුර සඳහා අදාළ පත්වීම් සිදු කර තිබේ.