සයුරෙන් එතෙර
නිරිතදිග ප්රංශයේ ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10,000කට වඩා ඉවත් කෙරේ
July 23, 2026 03:27 pm
ප්රංශයේ බොර්ඩෝ (Bordeaux) නගරයට බටහිරින් පිහිටි ප්රදේශයක වේගයෙන් පැතිර යන ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් රාත්රී කාලයේදී ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර තිබේ.
මෙම ගින්නෙන් හෙක්ටයාර 2,000ක පමණ භූමි ප්රමාණයක් විනාශ වී ඇති බව බලධාරීන් ප්රකාශ කළේය.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 500 දෙනෙකු පමණ යොදවා ඇති අතර, ගින්න ඉතා දරුණු වුවත් මෙතෙක් කිසිවෙකුටවත් තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.
