ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

July 23, 2026   03:07 pm

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ අනුව චීන ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් 5දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (23) නියෝග කර තිබේ.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් ඉකුත් 21වැනිදා අනුද බණ්ඩාර අත්අඩංගුවට ගෙන ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ ඉල්ලීමකට අනුව ඔහුගෙන් 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබුණි.