හොර පාරෙන් ගෙනා ලක්ෂ ගාණක චීන දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු මාට්ටු
July 23, 2026 11:09 am
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හතලිස් නව ලක්ෂ පනස් දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටියදී අද (23) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 42 වියේ පසුවන, රියැදුරුවරයෙකු ලෙස සේවය කරන මැලේසියානු ජාතිකයෙකි.
මොහු ඊයේ අලුයම 12.25ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විවිධ වර්ගයේ දුම්වැටි 33,000ක් අඩංගු දුම්වැටි කාටූන් 165ක් සගවා ගෙන තිබුණි.
සැකකරු හා ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගය අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
