ඇමති විජිත පිලිපීනයට ළඟාවෙයි
July 22, 2026 02:13 pm
33 වැනි ආසියානු කලාපීය සංසදයට (ARF) සහ අග්නිදිග ආසියානු මිත්‍රත්ව සහ සහයෝගිතා ගිවිසුමේ (TAC) 50 වැනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතා අද (22) පිලිපීනයේ මැනිලා නුවරට ළඟාවිය.
සිය 'X' ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් අමාත්‍යවරයා දන්වා සිටියේ, මෙම සංචාරය මගින් ආසියානු කලාපීය සංසදය සහ ආසියානු සාමාජික රටවල් සමග පවතින ඵලදායී සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම නැවතවරක් තහවුරු කරන බවය.
මෙම රැස්වීම්වලට සමගාමීව, ඊට සහභාගී වන අනෙකුත් රටවල සමපාර්ශ්වික නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එම සටහනේ වැඩිදුරටත් දැක්වා තිබුණි.
