මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අලුත් සර්වේයර් ජනරාල්වරියෙක්

මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අලුත් සර්වේයර් ජනරාල්වරියෙක්

July 21, 2026   02:28 pm

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දැනට සර්වේයර් ජනරාල්වරිය ලෙස සේවය කරන පී. කේ. එල්. එස්. පඬුවාවල මහත්මිය 2026 අගෝස්තු 20 වන දින අනිවාර්ය විශ්‍රාම වයසට එළඹීම හේතුවෙන් එදින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

ඒ අනුව, එම තනතුරේ පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වන, දැනට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අතිරේක සර්වේයර් ජනරාල්වරියක ලෙස සේවය කරන ඕ. ටී. එම්. අයි. තිලකරත්න මහත්මිය 2026 අගෝස්තු 20 වන දින සිට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.