ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
July 21, 2026 02:04 pm
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (21) සිය සහතිකය සටහන් කර තිබේ.
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මෙන්ම 1988 අංක 56 සහ 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත් මඟින් පාරිසරික ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර තිබුණද, වර්තමාන පාරිසරික හා ආයතනික අභියෝගවලට මුහුණ දීම සඳහා දැනට පවතින නෛතික රාමුව ප්‍රමාණවත් නොවන බව සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධන පනත හඳුන්වා දී ඇත.
මෙම පනත මගින් පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ නියාමන ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා භාවිත වන යාන්ත්‍රණ නවීකරණය කිරීම මෙහි අරමුණු කර තිබේ.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත ලෙස බලාත්මකවන බව ඳසහන් වේ.
