අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි
July 21, 2026 12:00 pm
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.
2026 ජුලි මස 05 සහ 06 වන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන් පිරිසක් මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීම තුළ විෂයභාර අමාත්‍යවරයා ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් එ් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් තැබීය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2412/08 -2024 ගැසට් පත්‍රය මගින් අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට පවරා ඇති බන්ධනාගාර ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපත්ති, සැළසුම් හා වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, බන්ධනාගාර පරිපාලනය හා ප්‍රතිසංස්කරණය, බන්ධනාගාරවල යටිතල පහසුකම් සංවර්ධනය හා තදබදය අඩු කිරීම යන කාර්යයන් වගකිම් සහිතව ඉටුකර නොමැති බව අවධාරණය කරමින් ඒ හා ආශ්රිත ගැටලු මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වෙයි.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකු අත්සන් කර තිබේ.
