කටුවාන ගින්නට පිරිසක් කොටු වී ඇත්දැයි සැකයක් - ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක්
July 21, 2026 11:56 am
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක හටගත් ගින්නට පිරිසක් කොටු වී ඇද්දැයි සැක මතුව තිබේ.
අද (21) උදෑසන ගින්න හට ගෙන තිබූ අතර මේ වනවිටත් ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටී.
ගින්න ආරම්භ වූ මොහොතේ එහි සිටි පිරිසක් පුද්ගලයෙකු විසින් බේරාගෙන තිබුණි.
ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ, තමන් එහි සිටි පිරිසක් එක් දොරටුවකින් එළියට රැගෙන ආ බවත් තවත් පිරිසක් පිටුපස දොරටුවෙන් ඉවතට යන්නට ඇති බවට සැක පළ කරන බවත්ය.
ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමාට ඒ දෙසට යෑමට අවශ්‍ය බවද ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබේ.
