දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
July 20, 2026 01:59 pm
පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (19) දිනයේදී පුද්ගලයින් රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි පොලීසිය විසින් මෙම මෙහෙයුම ආරම්භ කර තිබුණි.
ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 26,849ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් 564ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 21ක් සහ වරෙන්තුකරුවන් 280ක්ද මෙහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තවද බීමතින් රිය පැදවීම යටතේ තවත් පුද්ගලයින් 112ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීම යටතේ පුද්ගලයින් 93ක්ද අත්අඩංගුවට පත්ව තිබේ.
එමෙන්ම වෙනත් රථවාහන වැරදි සඳහා රියදුරන් 4,225කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලීසිය පියවර ගෙන ඇත.
මේ අතර රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්වලින් ඊයේ දිනයේදී පුද්ගලයින් 762ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම යන බහුවිධ ප්‍රවේශවයන් මගින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුළින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වන දින සිට මෙම මෙහෙයුම ආරම්භ කර තිබුණි.
ඒ අනුව ඊයේ දිනයේදී සිදුකළ මෙහෙයුම් මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මීට අමතරව සැකකරුවන් 6 දෙනෙක් සඳහා රැඳවුම් නියෝගද ලබා ගෙන තිබේ.
එමෙන්ම මෙම මෙහෙයුම් මගින් පුද්ගලයින් 6 දෙනෙකුද පුනරුත්ථාපනයට යොමු කිරීමටද පොලීසිය පියවර ගෙන ඇත.
එම වාර්තාව පහතින්
