පේරු රාජ්‍යයේ භූකම්පන දෙකකින් 6ක් මරුට
සයුරෙන් එතෙර

පේරු රාජ්‍යයේ භූකම්පන දෙකකින් 6ක් මරුට

July 20, 2026   07:24 am

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයකට බලපෑ භූකම්පන දෙකකින් පුද්ගලයන් 6 දෙනෙකු පමණ මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පේරු සිවිල් ආරක්ෂක ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, ජුනින් ප්‍රදේශයේ චුපාකා පළාතට බලපෑ භූකම්පන දෙක හේතුවෙන් මෙම මරණ සහ තුවාල සිදුව ඇති බවය.

එම භූකම්පනවල ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක් සහ 3.7ක් ලෙස සටහන් වී තිබේ.

චුපාකා ප්‍රදේශය පේරු අගනුවර වන ලීමා නගරයේ සිට කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති බව එරට ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරයි.