සයුරෙන් එතෙර
ළැව් ගිනි නිසා කැනඩාවට නව තීරුබදු පැනවීමට ට්‍රම්ප් සැරසෙයි
July 18, 2026 02:53 pm
මේ දිනවල කැනඩාවේ දැවැන්ත ළැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතී.
ඉන් නිකුත් වන ඝන දුමාරය කැනඩාවේ මෙන්ම අමෙරිකාවේ නිව්යෝර්ක්, චිකාගෝ, වොෂින්ටන් ඇතුළු නගර රැසකට ළඟාවීම හේතුවෙන් එම නගරවල වායු ගුණාත්මකභාවය දැඩි ලෙස පහළ වැටී තිබේ.
ඒ හේතුවෙන් නිව්යෝර්ක් බලධාරීන් ජනතාවට නොමිලේ N95 මුහුණු ආවරණ බෙදාදීම ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවට නව තීරුබදු පනවන බවට තර්ජනය කර තිබේ.
ඒ කැනඩාව නිසිපරිදි මෙම ළැව් ගිනි කළමණාකරණය කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමිනි.
